කොළඹ ආරක්ෂක සමුළුව සඳහා රටවල් 35 ක් නියෝජනය කරමින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් 200 දෙනෙකු සහභාගී වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 600 දෙනෙක්ද සහභාගී වන බව හෙතෙම පවසා සිටියේය.
හෙට (28දා) සහ අනිද්දා (29දා) යන දෙදින තුළ මෙම සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන අතර, 'ප්රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සඳහා වන ගෝලීය ප්‍රවණතාව' යන්න මෙවර තේමාව බවත් ඒ මහතා පැවසීය.
මෙහි සමාරම්භක උත්සවය හෙට (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.