රාජපක්ෂ රජය සමයේ සුපිරි වාහනවලින්, හෙලිකොප්ටර්වලින් කොළඹ සිට මහනුවර ගිය අය අද මහනුවර සිට කොළඹට පයින් එන බවත් රටට ජනතාවට ආදරයට නොව දූෂණ වංචාවලින් බේරී සිටීමට පාද යාත්‍රා යන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
උතුරින් වේවා දකුණින් වේවා කොහේ සිට පා ගමන් පැමිණියද මෙම ආණ්ඩුව පෙරළිය නොහැකි බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
සාමාන්‍ය ජනතාව විඳින දුක දැන හැඳිනගැනීමට මෙය හොඳ අවස්ථාවක් නමුත් මොවුන් පා ගමනේදී "අපිට ඕන ආණ්ඩුවක්" යැයි පැවසීමෙන් පෙනී යන්නේ ජනතාවට ඇති ආදරයක් නොව හොර මැරකම්වලින් ගැලවී සිටිය හැකි පාලනයක් යළි ගොඩනගා ගැනීම යැයි ඔහු පෙන්වාදුන්නේ අද(29) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදීය.