කොස්ලන්ද, මීරියබැද්ද ප්රදේශයේ පසුගියදා ඇති වූ නාය යෑම නැරඹීම සඳහා විශාල පිරිසක් වාහනවලින් එම ප්රදේශයට පැමිණෙමින් සිටින බවත්, එසේ එන සියලු වාහන නැවත හරවා යැවීමට පොලීසිය කටයුතු කරන බවත් වාර්තා වෙයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්රදේශයේ පවතින අවදානම් තත්ත්වය මෙන්ම, දැනට සිදුකරන සහන සේවා සඳහා බාධා පැමිණෙන බැවින් මෙසේ එම පිරිස් හරවා යවන බව කියැවෙයි.