මහියංගනය සේරාන ගම්මානයේ නීතිවිරෝධී මත් පැන් ජාවාරාමක් වැටලීමට පොලිසිය ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරියෙකුගේ කන සපාකා පළාගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (22 දා) රාත්රී 8-00 පමණ මෙම සිදුවීම සිදුව තිබේ.
සැකකරු පොලීසියෙන් මිදී පළායන අවස්ථාවේදී තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයා සැකකරු ලුහුබැදගොස් අත්අඩංගුට ගත්විට ඔහු කොස්තාපල්වරයාගේ කන සපා කා පලාගොස් ඇත.