මූල්‍ය සමාගමක වාහන අත්පත් කරගන්නා නිලධාරියෙකුට (සීසර්) තවත් පිරිසක් සමග පහර දුන් බව කියන කොලොන්න ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙක් අද (11දා) වෑන් රථයක්ද සමග අත්අඩංගුවට ගත බව කොලොන්න පොලීසිය පවසයි.
ඕමල්පේ, කෝප්පකන්දේ පදිංචිකරුවෙකු වූ වෘත්තියෙන් මූල්‍ය සමාගමක වාහන අත්පත් කරගන්නෙක් ලෙස සේවය කරන අතුල තුෂාර ජයවර්ධන නමැත්තා මෙසේ පහරකෑමෙන් කොලොන්න රෝහලේ ප්‍රතිකාර ගන්නා බවද පොලීසිය කියයි.
කොලොන්න ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙක් වූ වික්‍රමගේ දොන් ආරියරත්න නැමැත්තා තවත් පිරිසක් සමග කෑල්ල හන්දියේදී ඊයේ (10දා) රාත්‍රී තමන්ට පහර දුන් බව තුවාලකරු කොලොන්න පොලීසියට පවසා තිබේ.
අජිත්ලාල් ශාන්තඋදය/කොලොන්න - ජේ. නානායක්කාර