2017 වසර සඳහා කොරියාවට ශ්‍රමිකයන් එවනු ලබන රටවල්හි තානාපති කාර්යාල අතුරින් හොඳම තානාපති කාර්යාලය බවට පත්වීමට කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ.
දකුණු කොරියාවට ශ්‍රමිකයන් එවනු ලබන රටවල් 16ක තානාපති කාර්යාල අතුරින් හොඳම ක්‍රමවේද හා උපායමාර්ගික සැලසුම් භාවිත කර තම සේවකයන්ට හොඳම සේවාවන් සපයන තානාපති කාර්යාලය බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තෝරාගෙන ඇත.
මෙම වැඩසටහන කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍යාංශය පවත්වා ඇති අතර මේ සඳහා වන නිර්දේශය ලබාදී ඇත්තේ කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය විසිනි.
වීසා නොමැතිව කොරියාවේ රැඳී සිටින්නවුන් අවම කිරීමට කටයුතු කිරීම, සේවය නිමකර මව් රටට යන ශ්‍රමිකයන්ට දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීම, රැකියා සඳහා පැමිණෙන නවක ශ්‍රමිකයන් දැනුවත් කිරීම, ධීවර ක්ෂේත්‍ර‘යේ ශ්‍රමිකයන් සඳහා වූ දැනුවත් කිරීම, රැකියා හා සුභසාධන කටයුතු හා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග යන නිර්ණායක ඔස්සේ මෙම වැඩසටහන පවත්වා ඇත.