ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් අපේක්ෂකයන් 3514 දෙනෙකු සමත්වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ නාමලේඛනයකොරියානු මානව සම්පත් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන බව පැවසූ එම කාර්යාංශය නිෂ්පාදන අංශයේ වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 100න් 98ක් ලබා ඇත්තේ අසංග චතුරංග විසින් බවත්, ධීවර අංශයේ වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 77 ලබාගෙන ඇත්තේ දමින්ද ජයශාන්ත විසින් බවත් ප්‍රකාශ කළේය.
මෙවර නිෂ්පාදන අංශයේ අවම ලකුණ 60ක් ලෙසද, ධීවර අංශයේ අවම ලකුණ 36ක් ලෙසද වාර්තා වී තිබේ. නිපුණතා පරීක්ෂණ මෙම මස 17 සිට 20 දක්වා අනුරාධපුර,මහනුවර,රත්නපුර,කඩවත,ගාල්ල,අතුරුගිරිය,සීදුව,තංගල්ල,ත්‍රිකුණාමලය,වව්නියාව,පොළොන්නරුව,බදුල්ල, මතුගම,කුරුණෑගල යන කාර්යාංශයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 14කදී පැවැත්වෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.