විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පවස්මින් විදේශය සේවා නියුක්ති කාර්යාංශයේ නිලවෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් ජනතාව රැවටීමට ලක්කළ ප්‍රධාන සැකකරු සහ ඔහුට සහයෝගය ලබාදී ඇති සහයකයින් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම ව්‍යාජ වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් තිබෙන්නේ දර්ශන උදාන නොහොත් මොහොමඩ් වසීම් සහ ඔහුගේ බිරිඳවන සිත්ති නිලංගි හා තිසාරි දිල්හානි නැමැත්තියන් විසිනි.
මාස 03 කට අධික කාලයක් මෙම ජාවාරම සිදුකර තිබෙන අතර එම කාලයේදී කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මෙරට තරුණ තරුණියන්ගෙන් රුපියල් එක් කෝටි හැට ලක්ෂ අනූහත් දහසක් වංචා කර තිබෙන බවට පොලීස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වනwww.slbfe.lkවන අතර ව්‍යාජ වෙඩ් අඩවිය www.slbflanka.comලෙස පවත්වාගෙන ගොස් තිබෙන බවත්. මේ නිසා මොනයම් හෝ වෙබ් අඩවියක් සොයා ගැනීමට යාමේදී එහි නිවැරදි අකුරු හා අංක සියල්ලම ටයිප් කර අදාළ වෙබ් අඩවියට පිවිසෙන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ව්‍යාජ වෙබ් අඩවිය
සත්‍ය වෙබ් අඩවිය