දකුණු කොරියාවේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.8 ක භූ චලනය හේතුවෙන් එරට සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙතෙක් කිසිඳු හානියක් සිදු ව නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්යක්ෂ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ උපුල් දේශපි‍්‍රය මහතා ප්‍රකාශ කරයි.
ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව සිදුවන පසු කම්පන තත්වයන් පිළිබඳව දළ අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිලිබඳව නිරන්තරව තානාපති කාර්යාලය හරහා තොරතරු විමසන බවත් ඔහු සඳහන් කරයි.
දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ බවත් ඒ අනුව ලබාගත් වාර්තා වලට අනුව ශි‍්‍ර ලාංකික ශ්‍රමිකයින්ට හානියක් සිදුවූ බවට වාර්තා නොවූ බවද ඔහු සඳහන් කරයි.
දකුණු කොරියාවේ දකුණු දිග ප්‍රදේශයේ අග නගරයක් වන ජොන්ජු ප්‍රදේශයෙන් පසුකම්පනය වාර්තා වන අතර එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3000 ක් පමණ සේවය කරති. එසේම මේ වන විට දකුණු කොරියාවේ විවිධ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් 26000ක් පමණ සේවය කරන බවද උපුල් දේශපි‍්‍රය මහතා ප්‍රකාශ කරයි.
මෙය දකුණු කොරියා ඉතිහාසවේ වාර්තා වූ දරුණුතම භූ කම්පනය ලෙසද හැඳන්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.