කෙබෙයිගනේ හා ආරච්චිකට්ටුව සමූපකාර ඡන්ද දෙක ඉතාමත්ම පහසුවෙන් ජය ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන කණ්ඩායම් සමත්ව තිබෙනවා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය සහාය දක්වමින් ආරච්චිකට්ටුව සමූපකාර ඡන්දයට එක්වූ පිරිස ඡන්ද 175ක් ලබාගැනීමට සමත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂයසට සහාය දැක්වූ පිරිසට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද නමයක් පමණි.
මෙම ඡන්දයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නායකත්වය ලබාදුන්නේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කළ මන්ත්‍රීවරයෙකි.
මේ අතර කොබෙයිගනේ සමුපකාර ඡන්දයද ජයග්‍රහණය කිරීමටත් ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පිරිස සමත්ව තිබේ. ඔවුන් ඡන්ද 82ක් ලබාගනිද්දි එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකිව තිබෙන්නේ ඡන්ද 14ක් පමණි.
ලලිත් නවරත්න/නිමල් ප්‍රේමචන්ද්‍ර