තංගල්ල බස් නැවතුම්පොළේ දී පසුගිය 04දා කොස්දොස්තරවරයෙකු ඝාතනය කිරීම හා තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් 03දෙනෙකු පසුගිය 06දා තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්රාත් රංජිත් ජයන්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නියෝග කළේය.
ඔවුන් හඳුනාගැනීමේ පෙරැට්ටුවට ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහේස්ත්රාත් නියෝග කළේය. ඒ අනුව තංගල්ල පොලීසිය අපරාධ අංශය විසින් සිදුකළ පරීක්ෂණවලට අනුව 07 වැනිදා රාත්රියේ අපරාධවලට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන්ට පොලීසිය විසින් ප්රශ්න කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්රාත් රංජිත් ජයන්ත වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රාහුල් සමන්ත