කොන්දොස්තර ඝාතනයට සැකපිට 3 ක් අත්අඩංගුවට
තංගල්ල බස්නැවතුමේදී කොන්දොස්තරවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තංගල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ආමි අමිල නමැත්තාට වෙඩිතබා බරපතළ තුවාල සිදුකිරීම යන සිද්ධීන්ට සැකපිට සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05දා) රාත්‍රී 11.45 ට පමණ තංගල්ල පල්ලික්කුඩාව ප්‍ර‘දේශයේ සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසීය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප්‍ර‘දේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු බවද පොලීසිය පවසයි.
තංගල්ල බස්නැවතුම්පොළේදී තංගල්ල කොළඹ පෞද්ගලික බස් රථයේ මගීන් බස්වමින් සිටි සමරප්පුලිගේ ප්‍රභාත් චන්දන නමැති තිදෙරු පියෙකු වන 34 හැවිරිදි කොන්දොස්තවරයා පෙරේදා (04දා) දහවල් 11.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මැයි මස 22 වැනි දින දහවල් 12.00 ට පමණ තංගල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචි අමිල නිරෝෂන් රාජපක්ෂ නොහොන් ආමි අමිලට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර තිබුණි. ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මැකාර්නි පෙරේරා, තංගල්ල පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එස්. සිසර කුමාර, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ආර්.පී.එම්.බී. ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ශිරන්ත අසුවාරිස්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රණතුංග, උපපොලිස් පරීක්ෂක ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
බෝගහඉඳිවැව නුවන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

