පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට රජයේ කොන්ත්‍රාත් ලබානොදීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් තමන් සමග අමනාප වී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොළොන්නරුව යෝධ ඇළ මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 103 ක් ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා. ඒවායේ වැඩ මේ අවුරුද්දේ ආරම්භ කරනවා. ඒ කටයුතුත් යුද හමුදාවට භාර දීලා තිබෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන ව්‍යාපෘති මම භාර දුන්නේ ත්‍රිවිධ හමුදාවට. මේ ප්‍රදේශයේ කටයුතු කරන්නේ ගුවන් හමුදාව. පොළොන්නරුව ප්‍රදේශයේ කටයුතු කරන්නේ යුද හමුදාව. මැදිරිගිරිය ප්‍රදේශයේ කටයුතු කරන්නේ නාවික හමුදාව.
මේ ගොඩනැගිල්ලට (යෝධ ඇළ විදුහලෙන් නව ගොඩනැගිල්ල) ලක්ෂ 110 ක් වෙන් කළා. නමුත් ලක්ෂ 80 කින් ඒ වැඩකටයුතු අවසන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ගුවන් හමුදාවේ කාර්ය මණ්ඩලවලට සහ ඊට සහයෝගය දුන්න දිසාපතිතුමා සහ ඒ කාර්ය මණ්ඩලවල සෑම කෙනෙකුටම මම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. පුද්ගලික අයට කොන්ත්‍රාත් දෙන්නේ නැහැයි කියලා සමහර අය මට දොස් කියනවා. කොන්ත්‍රාත් කරන අය මා සමග අමනාප වෙලත් සිටිනවා. නමුත් හමුදාවට මේවා දීලා තිබෙන්නේ මේ විදියට මුදල් ඉතිරි වෙනවා වගේම වැඩේ හොඳට කෙරෙන නිසා” යැයි සිරිසේන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.