මීගමුව පෙරියමුල්ල පාලම අසළ ඉදි කරමින් පවතින හෝටලයක කොන්ක්රීට් තට්ටුවක් අද (17දා) කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ඊට යටවී ඇතැයි මීගමුව පොලීසිය පවසයි.
කොන්ක්රීට් තට්ටුවට යටවූ තිදෙනාගෙන් දෙදෙනෙකු ඉන් ඉවතට ගෙන මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර යටවූ අනෙක් පුද්ගලයා ගලවා ගැනීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ඡයාරූප - ප්රසාද් මුතුකුඩ