ලේක්හවුස් ආයතනය සහ බේරේ වැව අතර ඩී.ආර්.විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා දිවෙන කොටසේ රුපියල් මිලියන 44 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඇවිදින මංතීරු දෙකක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එසේම ඕල්කට් මාවත පදික මංතීරුව ක්‍රමවත් කිරීමේ අරමුණින් එහි පවතින නීතිවිරෝධී වෙළෙඳ සැල් ඉවත්කිරීමට නියමිත අතර, ඒවා රුපියල් මිලියන 22ක වියදමකින් වෙනත් තැතන ප්‍රතිස්ථාපනය කිරීමටද නියමිතය.
කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ අධික තදබදය මෙන්ම මහජනතාවගේ පරිහරණය සඳහා යොදාගත නොහැකි පරිදි නගර මධ්‍යයේ ඉතිරිව ඇති බිම් කොටස්, විධිමත් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට අදාළව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.