2008 වසරේදී කොළඹ කොටුව දුම්රියපොළේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා අධාර, අනුබල දුන් බව සැකකළ පුද්ගලයෙකු වරදකරු කරමින් වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (29දා) නියෝග කළේය.
මෙසේ සිරදඬුවම් නියම වූයේ, කනකසබෙයි දේවදාසන් හෙවත් නාදන් නමැත්තෙකුටය.
2008 පෙබරවාරි මස 03 වැනිදා සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඒ තුළ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බේස් බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් 8ක් සහ පුහුණුකරුවන් දෙදෙනෙක්ද වූහ.