ශ්‍රී ලංකා හමුදාව හා යුද වැදීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය අවි පුහුණුව ලබාදුන් කඳවුරක් තමිල්නාඩුවේ කොලතූර් ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
1980 දශකයේදී මෙම කඳවුර පවත්වාගෙන ගිය බවත්, 1983කට ආසන්න කැරලිකරුවන් ප්‍රමාණයක් මෙම කඳවුරේ පුහුණුව ලබාගෙන තිබෙන බවත් හින්දු පුවත් සේවය පෙන්වා දුන්නේය.
එවකට ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මහත්මිය විවිධ දමිළ සංවිධාන වෙත ඉන්දියාවේදී අවි පුහුණුව ලබාදුන්නාය. එවකට තමිල්නාඩු මහ ඇමති වශයෙන් කටයුතු කළ එම්.ජී. රාමචන්ද්රන්ද මේ සඳහා සහයෝගය ලබා දී තිබේ.
කොලතූර් කඳවුර තුළ ගරිල්ලා කණ්ඩායම් සඳහා සුභසාධන පුහුණුව, ශාරීරික හා පිහිනුම් පුහුණුව මෙන්ම බෝට්ටු පුහුණුවක්ද ලබා දී තිබේ.
ද හින්දු ඇසුරෙනි