මීට වසර 15කට පෙර ඉරණතිවු මුහුදේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් මුහුදු බත් වූ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් ඇන්ටනොව් 24 ගුවන් යානයේ ගමන් ගෙන මිය ගිය සාමාන්‍ය වැසියන් ඇතුලූ කාර්යමණ්ඩලයේ 55 දෙනාට අයත් බඩු බාහිරාදිය මිය ගිය අයගේ ඥාතීන්ට හඳුනාගැනීම සඳහා ප්‍රදර්ශනයක් යාපනය පැරණි නගරසභා ක්‍රීඩාංගනයේදී අද(11) සහ හෙට (12) පැවැත්වෙයි.
මෙම ප්‍රදර්ශණය ත්‍රස්ත විමර්ශන ඒකක නිළධාරීන්, අධිකරණ වෛද්‍ය වරුන් හා රජයේ අධි නීතිඥ වරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කොට ඇති අතර ඉරණතිවු මුහුදු පතුලේ තිබී සොයාගත් මිය ගිය වැසියන්ගේ බවට සැලකෙන ඇඳුම් වර්ග සෙරෙප්පු හා බෑග් ආදි වශයෙන් නඩු භාණ්ඩ 72ක් ප්‍රදරශණය කෙරෙන ඒවා මිය ගිය අයගේ ඥාතීන් විසින් හඳුනා ගැනීමෙන් පසුව ඇන්ටනොව් ගුවන් යානයේ ගමන් ගෙන මිය ගිය අයගේ බවට සහතික කරගන්නා බව පදර්ශනය සංවිධානය කළ නිළධාරීහු කියා සිටියහ.
මධුශංක අමරසිංහ