එල්. ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශය නමින් සංවිධානාත්මක පිරිසක් විසින් ඊයේ (29දා) රාත්රියේ වවුනියාව නගරයේ පෝස්ටර් කිහිපයක් දමා ගොස් තිබියදී හමුවූ බව වවුනියාව පොලීසිය සඳහන් කර සිටියේය.
වව්නියාව කුරුමන්කාඩුව ප්රදේශයේ මාර්ගයක් ආසන්නයේ හා ශ්රී ටෙලෝ පක්ෂ කාර්යාලයක් අසල අදාළ දැන්වීම් පත්රිකා දමා ගොස් තිබියදී හමු වී ඇත.
දෙමළ විමුක්ති කොටි නමින් වන ශීර්ෂය යටතේ මෙය දමා ගොස් ඇති අතර, එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි අංශ දෙමළ කාන්තාවන් වැරදි සිදු කරන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටින බවත්, දෙමළ කාන්තාවන් සිංහල පුරුෂයන් සමග සම්බන්ධ නොවිය යුතු අතර, සංවරව හැසිරිය යුතු බවත් එලෙස නොවන්නේ නම් එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉතා ඉක්මනින් ගන්නා බවත් එහි වැඩිදුරටත් සඳහන් කොට ඇති බවට පැවසේ.
බුද්ධි අංශය දෙමළ විමුක්ති කොටි සංවිධානය යනුවෙන් පත්රිකාවේ අවසානයේ සඳහන් කොට ඇති බවද වවුනියාව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.