2009 වසරේදී යුදමය වශයෙන් පරාජයට පත්කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත වරක් ඔස්ට්‍රේලියාවේදී හිස එසවීමේ සූදානමක් පවතින බව %ද හින්දු^ පුවත් සේවය පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා කටයුතු කළ පුද්ගල ජාවාරම්කරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම කරුණ පිළිබඳව අවධානය යොමුවී තිබේ.
මුලතිව් හා මට්ටකාලප්පු ප්‍රදේශයේ වසය අවුරුදු 24 හා 28 පසුවන තරුණයන් හයදෙනෙකු මෙසේ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙන බවත්, ඔවුන් කිසිදු රැකියාවක නොයෙදෙන බවත්, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතුව පසුවන බවත් ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කරයි.