පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමට අදාල ගැසට් නිවේදනය මාසයක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යයාංශයේ ලේකම් ජී.දඩල්ලගේ මහතා පැවසීය. කෙසේ වෙතත් මේ වන විට ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයින්ගේ අදහස් වීමසීමට යොමු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. එම සීමා නිර්ණය කිරීම සඳහා මේ වන විට විශේෂ කමිටුවක් ද පත්කර ඇති බවයි ඒ මහතා පෙන්වා දුනි. අදාල කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට නියමිතය. අනතුරුව කොට්ඨාශ ක්‍රමයට අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය. පළාත් පාලන ආයතන දෙසිය තිස් හතරක බලය ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට කොමසාරිස්වරුන් යටතට පත්විය.