කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකම හෙවත්, වෙළෙද පොළ ප්‍රාග්ධනීකරණය රු.ට්‍රිලියන 3 (රු.බිලියන 3,000ක්) ඉක්මවා යාම ඊයේ (10දා) දිනයේදී සිදුවිය.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකම රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 35% ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වසර මුලදී එය පැවතියේ 28% ක සීමාවේය.