හිටපු ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් පී සිවකුමාර් මහතා වරෙන්තු නිකුත් කළේය.
ඒ ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන්වීම සම්බන්ධ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදීය.
මෙම නඩුවට අදාලව අධිකරණයේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට තුන් වතාවක්ම නොතීසි නිකුත් කෙරුණද ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරිණ.
ලලිත්, කූගන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් වරින් වර එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කළ බවට ඔවුන්ගේ ඥාතීහු හිටපු අමාත්‍යවරයාට චෝදනා කරති.