මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දැන්වීම් ස්වාධීන රූපවාහිනියේ නොමිලේ පළ කිරීමේ සිද්ධියට හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වගකිවයුත්තකු නොවන බව පවසමින් බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම අද(18) ඔහු මුදාහළේය. අවශ්‍ය නම් ඔහු සාක්කිකරුවකු කළ හැකි බවද කොමිසම දැනුම් දුන්නේය. හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අද දිනයේද වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම වෙත කැදවා තිබුණි.