ඊයේ (21) රාත්‍රියේ පැය 1යි විනාඩි 3 ක කාලයක් පමණක් කෙරවලපිටිය විදුලි බලාගාරයේ කටයුතු අක්‍රිය වී තිබූ බවත් මේ වනවිට බලාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.
ඊයේ රාත්‍රී 9.22 සිට 10.25 දක්වා සිදුවූ මෙම අක්‍රියවීම විදුලිබලාගාරයකින් සාමාන්‍යයෙන් වාර්තාවන අක්‍රිය වීමක් බවත් ලේකම්වරයා පැවසීය. මෙම සිදුවීම නිසා ජාතික විදුලි පද්ධතියට හානියක් නොවන බවද ඔහු පැවසීය.