කඩවත, කෙරවලපිටිය අධිවේගී මාර්ගයට ජලනල මාර්ගය සම්බන්ධ කිරීම නිසා හෙට (22දා) උදේ 10.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළදී කෙරවලපිටිය අවට ප්රදේශ 10කට ජලය අත්හිටුවන බව පානීය ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව මෙම කාලය තුළදී මාටාගොඩ, කෙරවලපිටිය, ඇළසර, දික්ඔවිට, කෙරවලපිටිය කර්මාන්තපුර, උස්වැටකෙයියාව, බෝපිටිය, පමුණුගම, පුබදුගම හා දැළතුර යන ප්රදේශවල ජලය අත්හිටුවීම සිදුවේ.