කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන 07න් 03කට නව සභාපතිවරු පත් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.
ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ උපාලි මොහොට්ටි මහතාද සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති වශයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අමරනාත් අබේගුණසේකර මහතාද, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති වශයෙන් ලංකා ධීවර සංස්ථාව හා සීනෝර් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ජගත් පෙරේරා මහතාද පත් කරනු ලැබ ඇත.
මේ අතර ඉදිරි දින දෙක තුළදී කෘෂිකර්ම හා ගොවිජන සේවා මණ්ඩලය, සීමාසහිත පොස්පේට් ලිමිටඩ්, වී අලෙවි මණ්ඩලය සහ හදබිම් අධිකාරිය යන ආයතන සඳහාද නව සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල පත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.