පසුගිය ආණ්ඩුවේ දූෂිත නිලධාරීන් තවමත් අමාත්‍යාංශයන්හි සේවය කරන බවත් මහා පරිමාන වංචා පිළිබඳ ජනපති කොමිසමෙන් පවා ඉවත්කරන්නැයි නිර්දේශ කළ නිලධාරීන්ද ඒ අතර සිටින බවත් ජනනා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අද (14දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"පසුගිය දූෂණ ආණ්ඩුවේ වැරදි කරපු කූනිස්සෙක් තරම්වත් පුද්ගලයෙකුට දඬුවම් දෙන්න බැරිනම් ඇමතිකම් අරගෙන මොකටද, කෘෂිකර්ම ඇමතිතුමා (දුමින්ද දිසානායක) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් නිසා වැඩි බලයක් තියෙනවා" යැයි ඔහු සඳහන් කළේය.