කුරුලු උණ කෙරෙහි වැඩි අවදානමක් පවතින ආසියාතික රටවල් දැක්වෙන පරිදි කුරුලු උණ පැතිරීමේ අවදානම් කලාපය දැක්වෙන සිතියමක් විද්‍යාඥයන් විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
H7N9 නමින් හැඳින්වෙන කුරුලු උණ වෛරසය වැළඳුණු පුද්ගලයන් 433 දෙනෙකු මේ වනවිට සොයාගෙන ඇති අතර, ඔවුන් වැඩි පිරිසක් චීන ජාතිකයන් බව කියැවෙයි. මේ අතර කුරුලු උණ වැළඳීමෙන් මේ වනවිට මියගිය පිරිස 62කි.
සොබාදහම් සන්නිවේදනය විසින් ප්‍රකාශයට පත්කර තිබූ මෙම අවදානම් කලාපය දැක්වෙන සිතියමට අනුව බංග්ලාදේශයේ, ඉන්දියාවේ සහ වියට්නාමයේ කොටසක්ද අවදානම් කලාපයට අයත් වෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශවල කුකුළු, තාරා ආදී සතුන් ඇති කරන ස්ථානවල වෛරසය පැතිරීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවය.
H7N9 වෛරසය කුරුල්ලන්ගෙන් මිනිසුන් වෙත බෝවන අතර 2013 මාර්තු මාස චීනයේදී මුලින්ම මෙය හඳුනා ගැනුණි.
මෙම නව වෛරසය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත්තේ එය ලොවපුරා වේගයෙන් පැතිර යා හැකි නිසාත්, එය මාරාන්තික වෛරසයක් වන නිසාත්ය.