මේ වසරේ කුරුණෑගල ප්‍රථම ඩෙංගු මරණය වාර්තා කරමින් කුරුණෑගල දොරටියාවේ පදිංචිව සිටි 38 හැවිරිදි එක්දරු පියෙකු ඊයේ (31දා) ඩෙංගු උණ රෝගයට ගොදුරුව මියගියේය.
දොරටියාව බොරළුව ප්‍රදේශයේ පදිංචව සිටි විජයන්ත සිල්වා යන අය ඩෙංගු උණ රෝගයට ගොදුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට යැවීමෙන් අනතුරුව මෙසේ මරණයට පත්විය.