ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම මත කුඹුරු ඉඩම් ගොඩකිරිම මේ වන විට නවත්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. එසේම දැනට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ලබාදීම්ද තාවකාලිකව නවත්වා ඇති බවද ඔහු පැවැසීය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.