(VIDEO) බණ්ඩාරවෙල, කුඹල්වෙල, මහමෙව්නා භාවනා අසපුව කන්දේ ඊයේ (10දා) ඇතිවූ ගින්නකින් අක්කර 100 ක පමණ කැලෑ බිම් විනාශවී තිබේ.
මෙම ප්රදේශයට පවතින අධික සුළං තත්ත්වයත් සමග ගින්න භික්ෂූන් වහන්සේලා වැඩ වසන කුටි ආසන්නයටම පැතිර ගිය නමුත් එම කුටිවලට හානියක් නොවනසේ ගින්න පාලනය කිරීමට හැකිවූ බව ඇල්ල පොලීසිය පවසයි.
ගුවන් හමුදාව, යුද හමුදාව, පොලීසිය, බදුල්ල සහ බණ්ඩාරවෙල මහ නගර සභාවල ගිනි නිවන ඒකකය සමග ප්රදේශවාසීන් එක්ව පැය 7 ක පමණ මෙහෙයුමකින් පසු ගින්න නිවාදැමූහ.
.jpg)
සමන්පාලිත/පාලිත ආරියවංශ
වීඩියෝ - පාලිත ආරියවංශ