(UPDATE) ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමර් ගුණරත්නම් ආගමන විගමන පාලකවරයාට බාරදීමට නියමිත අතර ඒ පිළිබඳව වන සාකච්ඡාවක් කෑගල්ල පොලිස් නිලධරීන් හා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡාවක් සිදුකරමින් සිටියි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රුවන්වැල්ලේ නිවසක සිටියදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැදි සිටීම සම්බන්ධයෙන් කුමාර් ගුණරත්නම්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. ඔස්ට්‍රේලියා ජාතිකයෙක් වන කුමාර් ගුණරත්නම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බවත් පොලීසිය පවසයි.