අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කළ පුද්ගලයන් 181 දෙනෙකුට ගෙවීගිය දින 30ක කාලය තුළදී නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව පළාත් සභා හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි.
අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කරන්නන් පිළිබඳව තොරතුරු රැස් කිරීම සඳහා ස්ථාපනය කළ අපද්‍රව්‍ය කළමනාකරණ මෙහෙයුම මධ්‍යස්ථානයට ලැබුණු පැමිණිලි අනුව මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන් පිළිබඳ 1917 අංකයෙන් පැමිණිලි කළ හැකි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.