බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ඇති බදුල්ල මහා නගර සභාවට අයත් කුණු කන්දට ගිනි තැබීමෙන් හටගත් විස දුම හේතුවෙන් බදුල්ල නගරයේ පාසල් 05ක් වසා දැමීමට ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පියදාස රත්නායක මහතා තීන්දු කර තිබේ.
ඒ අනුව අද (11දා) සිට 14 වැනිදා දක්වා බදුල්ල විහාර මහාදේවී බාලිකා විදුහල, ඌව මහා විදුහල, ධර්මදූත මහා විදුහල, අල්-අඩ්හාන් විද්‍යාලය, දෙමළ බාලිකා විදුහල යන පාසල් මෙසේ වසා තැබෙන අතර, ඒවා නැවත ලබන සඳුදා (17දා) ආරම්භ කෙරේ. ගින්න මැඬපැවැත්වීම සඳහා තවමත් කටයුතු කරමින් සිටියි.
ඇල්ල - ප්‍රසාද් රුක්මල්