සංචාරකයන්ට ලිංගික කටයුතු සඳහා මෙරට කුඩා ළමයින් සැපයීමේ ජාවාරමක යෙදුණු හික්කඩුව ප්ර‘දේශයේ පුද්ගලයන් දෙදෙනෙකු ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයන් සැපයූ කුඩා ළමයින් සමග ලිංගික අපයෝජනයේ යෙදුණු ප්රංශ ජාතිකයෙකු ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සතුව තිබූ කුඩා ළමයින් 11 දෙනෙකුගේ ඡායාරූපද සොයාගෙන තිබේ.
ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ වසර දෙකක කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ප්රංශ පොලිසිය හා ළමාරක්ෂක අධිකාරිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ප්රංශ ජාතිකයා එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණු බවත් මේ හරහා තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවත්, දිසානායක මහත්මිය පැවසුවාය.
මේ වසරේදී පමණක් මෙවැනි ලිංගික අපයෝජකයන් 5 දෙනෙකු මෙරටට පැමිණෙමින් සිටියදී කලින් හඳුනාගෙන ගුවන් තොටුපොළෙන් හරවා යවා තිබුණු බවද ඇය කීවාය.