ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරමින් මෙරටේ කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය සහ ආධාර සැපයීම සඳහා ඉන්දීය රජය එකඟ වී සිටී.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව ගිවිසුම් හතරකට අත්සන් තබා තිබෙන අතර, මෙහිදී පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන හරහා කුඩා සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම සඳහා සහාය සහ ආධාර සැපයීම පිළිබඳව ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුමට ඉන්දීය විදේශීය ලේකම් එස්.ජයශංකර් හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් අත්සන් තබා ඇත.