කිළිනොච්චිය වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි වෙළෙඳ සැලක් තුළ ඊයේ (27දා) රාත්‍රියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළෙඳ සැල තුල සිටි කාන්තාවක ගින්නට හසුවීමෙන් පිළිස්සි රෝහලගත කොට ඇතැයි කිළිනොච්චිය පොලීසිය පවසයි.
කිළිනොච්චිය වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි අදාළ වෙළෙඳ සැල තුළ සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැකයක් පවතින අතර, එසේ ඇති වූ ගින්න පසුව වෙළෙඳ සැලේ තිබූ ඉන්ධනවලට පැතිරීමත් සමග එකවරම වෙළෙඳ සැල ගිනිගැනීමෙන් වෙළෙඳ සැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
සවස වෙළෙඳ සැලෙහි කටයුතු අවසන් වී එහි හිමිකාරිය වෙළෙඳ සැල තුළම නිදාගැනීම නිසා වෙළෙඳ සැල එකවරම ගිනි ගැනීම හේතුවෙන් එම කාන්තාව පිළිස්සී ඇති අතර, අසල්වැසියන් විසින් එම කාන්තාව බේරා කිළිනොච්චිය රොහලට ඇතුළත් කොට ඇත.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් වෙළෙඳ සැලේ සියලුම බඩු බාහිරාදිය විනාශ වී ඇති අතර, ගින්නෙන් වූ අලාබය රුපියල් ලක්ෂ 05කට අධික බවට මේ වනවට තක්සේරු වී ඇත.
සිදුවීම සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.