කිළිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේදී ඊයේ (27දා) සවස ට්රැක්ටරයකින් පැමිණි පිරිසක් විසින් පාපැදියකින් යමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි කිළිනොච්චිය පොලීසිය සඳහන් කරයි.
කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි බස්නැවතුම්පළක් ආසන්නයේදී අදාළ පහරදීම සිදුව ඇති අතර, කාලයක් සිට දෙපිරිසක් අතර වූ ආරවුලක් ඊයේ සවස දුරදිග ගොස් අදාළ පහරදීම සිදුව ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පහරදීම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇතැයි කිළිනොච්චිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.