කිසිදු ආණ්ඩුවක් නොකළ වැඩ කොටසක් මම කරනවා
ජනතා ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයින්ගේ වගකීම වන්නේ කරගැට එන තුරු මහ පාරේ පයින් යාම නොව, රට ගොඩනැගීමට එක්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ දිවයින පුරා ප්‍රාදේශීය මාර්ග කි.මි 3100 ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට පොළොන්නරුවේ දී එක් වෙමිනි.
පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරපුර ගම්මානය අසලින් වැඩසටහන ආරම්භ කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනලද්දේ රටේ සියලූ දිස්ත්‍රික්කවලට එක සමාන සංවර්ධනයක් උදා කර දෙමින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කිසිදු ආණ්ඩුවක් නොකළ වැඩ කොටසක් තම ධූර කාලය තුළ ඉටු කරන බවය.
ජර්මනිය ඇතුළු ලෝකයේ ඉහළ දියුණුවක් ලැබූ සියලූ රටවල් එම සංවර්ධනය උදා කරගෙන තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්වී ආණ්ඩු කිරීම තුළ බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා බලයට කුලල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය අවසන් කර රට ගොඩනැගීමට සියලූ දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ එක්වීම යුගයේ අවශ්‍යතාවයක් බව ද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

