කිලිනොච්චිය, උරුදිපුරම් ප්රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි දැරියක් පසුගිය 21 වැනිදා සවස සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතයි කිලිනොචිචිය පොලීසිය පැවසීය.
කිලිනොචිචිය පොලීසිය පැවසුවේ කිලිනොච්චිය, උරුදිපුරම් ප්රදේශයේ පදිංචිව සිටි උදයකුමාර් යර්සිකා නමැති තුන් හැවිරිදි දැරියක් එලෙස අතුරුදහන්ව ඇති බවයි.
දැරිය, දැරියගේ මව සමඟ නිවසට ඔබ්බෙන් වු ඇළක දිය නෑමට ගොස් ඇති අතර, දැරිය නෑවීමෙන් අනතුරුව දැරියගේ මව අසල්වාසියෙකු සමඟ දැරිය නිවස වෙත පිටත්කොට යවා ඇති අතර පසුව තමන් දිය නා නැවත නිවසට පැමිණයද දැරිය නිවසේ නොසීටීමෙන් ඒ බව මව පොලීසියට දැන් වූ බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.
දැරියගේ මව විසින් පොලීසියට පවසා ඇත්තේ තම දියණිය නිවසට රැගෙන ගිය අසල්වැසි පුද්ගයා පුද්ගලයා පිළිබඳව සැක සහිත බවයි.