කිලිනොච්චිය කරච්චි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරවිපන්ජාන් ප්රදේශයේ නැවත පදිංචි වැසියන් පිරිසක් ඊයේ සහ අද උපවාසයක නිරත වෙති. තමන්ගේ මුල් ඉඩම් වසර 6ක් ගත වී ඇතත් මේ දක්වා ලැබී නොමැති වීම මෙම විරෝධතාවයට හේතුවයි. මුල් මෙලෙස ඉඩම් අහිමි වැසියන් පිරිසක් ඊයේ (09දා) පරවිපන්ජාන් කන්දසාමි කෝවිල අසලින් විරෝධතා පාගමනක් ඇරඹූ අතර පසුව එම පිරිස කන්දසාමි කොවිල් මංසන්ධිය අසලදී උපවාසයක නිරත වූවේ තමන්ට විසඳුමක් ලැබෙනතුරු ඉවත් නොවන බවට පවසමිනි.
උපවාසයේ නිරත වූ වැසියන් කියා සිටියේ යුද්ධය අවසන් වී අනාථ කඳවුරු තුළ සිට තමන් නැවත පදිංචියට පැමිණියද තම මුල් ඉඩම්වල යුද හමුදා කඳවුරු තිබීම නිසා තමන්ට පදිංචි වීමට ස්ථීර ඉඩමක් නොමැති බවයි.
කෙසේවෙතත් අදාළ ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් මහතා ඊයේ පැමිණ සාකච්ඡා කළද වැසියන් උපවාසය අත්නොහළ අතර අද දිනයේචීච අදාළ ගැටලුවට විධිමත් විසඳුමක් ලැබෙනතුරු එම වැසියන් උපවාසයේ නිරතව සිටී.