කිරුලපන රැලියට සහභාගි වූ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂමහජන නියෝජිතයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ලේදී පැවැත්වූ මැයි දින රැලියට සහභාගි නොවී ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයිදින රැලියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පක්ෂය සියලුම සාමාජිකයන් දැනුවත් කර තිබිණි.
මෙම දැනුවත් කිරීම්වලට අනුව ඉදිරි දිනවල මධ්‍යමකාරක සභාව රැස්වී අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා සිටියේය.