කිරිබත්ගොඩ නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක තිබූ රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා රන් මාල 37ක් කොල්ලකා ඇතැයි පොලීසිය පවසයි.
එම ස්වර්ණාභරණ වෙළඳසැලට පැමිණි සැකකරු පිස්තෝලයක් පෙන්වා මෙම කොල්ලකෑම සිදුකර තිබේ. ඊයේ (12දා) සවස මෙම සිදුවීම ඇතිව තිබේ.
රන් මාල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ පසුව පිස්තෝලය පෙන්වා සේවයකයන් බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර තිබේ.