මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ කිරිපිටි මිල පහළ යමින් පවතින බවත්, මේ වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ ගිය අවස්ථාවේ දේශීය කිරිපිටි මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා කිරිපිටි ආනයනකරුවන් වෙත ලබාදෙනලද තීරුබදු සහනය පසුගිය 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ ජනවාරි මස කිරිපිටි මෙට්‍රික් ටොන් 1ක මිල, ඇ.ඩො. 5,000ක් පමණ වූ අතර, එය මේ වනවිට ඇ.ඩො. 3,500 - 3,800 අතර ප්‍රමාණයකට පහත වැටී ඇති බව පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් කිරිපිටි කිලෝ ග්‍රෑමයකට රු.125/- ක රේගු බද්දක් අදාළ වුවද, මේ වසරේ මුල ජාත්‍යන්තර වෙළෙඳ පොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම සලකා එම රේගු බදු ප්‍රමාණයෙන් කිලෝ ග්‍රෑමයක් සඳහා රු.57/- ක් පමණක් අය කර ගන්නා ලද අතර, රු.68/- ක තීරුබදු සහනයක් ලබාදී තිබුණු බව කියැවෙයි. එහෙත්, මෙම වසරේ මැයි මාසය වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින්, කිරිපිටි ආනයනකරුවන් වෙත ලබා දී තිබූ තීරුබදු සහනය රු.68/- සිට රු.43/- දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙමගින්, කිරිපිටි ආනයන අධෛර්යමත් වීමත්, දේශීය දියර කිරි කර්මාන්තය ආරක්ෂා වීමත් අපේක්ෂා කෙරෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.