කිරි ගවයින් ඝාතනය කිරීම දේශීය කිරි කර්මාන්තයේ වර්ධනය සඳහා ප්‍රබල බාධාවක් වී ඇති බවත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකිරීම අවශ්‍ය බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ සහ කි‍්‍රයාකාරකම් සැලසුම් කිරීම පිළිබඳව ඊයේ (31දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එසේම අවාරයේදී අර්තාපල් වගාකරනු ලබන ගොවීන්ට බීජ අර්තාපල් සඳහා සියයට 50 ක සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජනපතිවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් දී ඇත.
මේ අතර ගවයින් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී පශූ වෛද්‍ය නිර්දේශය අවශ්‍ය වන අතර, පශු වෛද්‍ය වැඩ වර්ජනය පැවති කාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම බලපත්‍ර නිකුත් කිරීම සිදුවූයේ නම්, එය කෙසේ සිදුවූවාදැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.