දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා වැඩි කිරි අස්වැන්නක් ලබාගත හැකි කිරිගවයන් 10,000 ක් පාකිස්තානයෙන් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ප්‍රමාණයෙන් 8000 ක් එළ ගවයන් වන අතර, 2000 ක් මී ගවයන් වෙති. වියළි කලාපයට ගැළපෙන ආකාරයට මෙම කිරි ගවයන් ගෙන්වීමට සැලසුම් කර තිබේ.
මේ පිළිබඳව පාකිස්තාන ආණ්ඩුව හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.
12% ක්ව පවතින දේශීය කිරි නිෂ්පාදනයෙන් 85% ක් ලබාදෙන්නේ දිනකට කිරි ලීටර් 03 කට අඩුවෙන් ලබාදෙන ගොවින් විසිනි. මෙම පිරිස් සවිබල ගැන්වීම සඳහා පාකිස්තානයෙන් ගෙන්වන කිරිගවයින් ලබාදීමට සැලසුම් කර තිබේ.