දිවි පරදුවට තබමින් කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ සිය මව බේරා ගැනිමට කටයුතු කළ එප්පාවල රොමේෂ් මධුවංශ අබේරත්න සිසුවා කථානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනය පරිදි අද (09දා) පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදි රොමේෂ්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර කථානායකවරයා දිවා ආහාරයද පිරිනැමීය.
රොමේෂ් මධුවංශගේ අනාගත අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරන බව මෙහිදි කථානායකවරයා ප්‍රකාශ කළ අතර දෙමව්පියන් දූ දරු සබදතා පිළිබඳ අසුභවාදී පුවත් නිතර ඇසෙන මොහෙතක සිසුවාගේ ක්‍රියාව පිළිබඳ රටට හෙලිදරව් කළ ජනමාධ්‍ය ආයතන වලට ස්තූතිය පිරිනමන බවත් කථානායකවරයා කීය.