කිඹුල් පැටවුන් 18ක් සොයාගනියි
මහඉලුප්පලම රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ අසලින් ගලා බසින කොනිත්ත ඇළ ඉවුරේ සිටි ගැට කිඹුල් පැටවුන් 18 දෙනෙකු හා කිඹුල් බිත්තරයක් එම ගොවිපළෙහි සේවකයෙකු අද (23දා) පස්වරුවෙහි සොයා ගෙන ඇත.
මෙම කිඹුල් පැටවුන් දුටු මහඉලුප්පල්ලම බීජ නිෂ්පාදන ගොවිපළෙහි ආරක්ෂකයෙකු ලෙස සේවය කරන සුදේෂ් ප්රියශාන්ත මහතා (22), “මම වැඩට ඇවිත් කොනිත්තේ ඇළ අසලින් යද්දි ඇළ ඉවුරේ වළක් ඇතුළෙ කිඹුල් පැටවු 04 දෙනෙක් විතර ඉන්නවා දැක්කා.
මම බාල්දියක් ගෙනත් ඒ පැටවු 04 දෙනා දාගද්දි දැක්කා ඒ වළ ඇතුළෙ තවත් පැටවු ගොඩාක් ඉන්නවා. මම ඒ පැටවු ඔක්කොම අල්ලා ටැංකියකට දැම්මා. එතන කිඹුල් පැටවු 18 දෙනෙක් හිටියා. ඒ වල ඇතුළේ තව කිඹුල් බිත්තරයක් තිබුණා.
ඊට පස්සේ මේ කිඹුල් පැටවුන් පිළිබඳව මම ගොවිපළ කළමනාකාරතුමාට දැන්වූවා. ඒ මහතා වනජීවී නිලධාරීන් දැනුවත් කළා. පැටවු ටික කොනිත්තේ ඇළට ගියා නම් ජීවිත හානි වුණත් වෙන්න තිබුණා. ඒ නිසා අපි මේ පැටවුන්ගේ ජීවිතත් ආරක්ෂා වෙන විදිහට වෙනත් තැනකට ගෙනිහින් දාන්න තමයි ඇල්ලුවේ.” යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

