උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් චීනයේ නිල නොලත් සංචාරයක නිරත වීමත් සමග ඔහු හමුවීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති උනන්දුව ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ඔහුගේ චීන සංචාරය වඩාත් හොඳ මාවතක් තනා දී ඇති බවද ට්‍රම්ප් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මැයි මාසයේදී පැවැත්වීමට නියමිත නායක දෙපළගේ සාකච්ඡාව ඇරඹෙන තුරු උතුරු කොරියාවට එරෙහිව උපරිම සම්බාධක හා පීඩනය එල්ල කරන බවද හෙතෙම පවසා තිබේ.
කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටිකහරණය වීම මේ වනවිට යථාර්ථයක් බවට පත්වෙමින් ඇති බවද ට්‍රම්ප් පවසා ඇත.
2011 වසරේ බලයට පත්වීමෙන් පසුව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් විදෙස් රටක සිදුකළ ප්‍රථම සංචාරය ලෙස පසුගියදා හොර රහසේම චීනයට ළඟා විය.
උතුරු කොරියානු ජනපති ආර්යාව ඇතුළු දූත පිරිසක්ද මෙම සංචාරයට එක්ව තිබුණු අතර, ඔවුන් විශේෂ රාජ්‍යතාන්ත්‍රික දුම්රියක් ඒ සඳහා යොදාගෙන තිබුණි.
නමුත්, උතුරු කොරියානු නායකයා චීනයේ සිටින තුරු ඒ පිළිබඳ උතුරු කොරියාව හෝ චීනය යන රටවල් දෙකින් එකදු රටක් හෝ එම පුවත ප්‍රසිද්ධ නොකළ අතර, ඔහු රටින් පිටව ගිය පසුව පමණක් එය මාධ්‍ය වෙත අනාවරණය කළේය.